හබරණ ගල්කඩවල අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී යතුරු පැදියක් දුම්රියේ ගැටීමෙන් ඊයේ (15) දින පස්වරුවේ සිදුවූ අනතුරකින් එක් පුද්ගලයකු එම ස්ථානයේදීම මිය ගොස් තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ පිය පුතු දෙපළක් වන අතර එහිදී වයස අවුරුදු 70ක් වන පියා මිය ගොස් ඇති බවයි සඳහන් වන්නේ .
මිය ගිය පුද්ගලයාගේ දේහය මේ වනවිට හබරණ රෝහලේ තැන්පත් කර තිබෙනවා.
මෙම අනතුරින් තුවාල ලැබූ පුත්රයා ප්රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය ප්රකාශ කර සිටියේ .
හබරණ පොලිස් ස්ථානය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.