සුළි කුණාටු දෙකක් එක පෙළට හමා එන බවට පිලිපීනයේ ජාතික කාලගුණ ඒජන්සිය කළ අනතුරු ඇඟවීමකින් එරට මුහුදුබඩ නගරවල දහස් සංඛ්‍යාත ජනතාව ඉවත් කිරීමට ආපදා මෙහෙයුම් කණ්ඩායම් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .
උසාගි නමින් හඳුන්වනු ලැබූ අධිවේගී සුළි කුණාටුව පෙරේදා පිලිපීනයට කඩා වැදුණු අතර එය දුර්වල වෙද්දී මෑන් යී සුළි කුණාටුව පිලිපීනය දෙසට හමා එමින් තිබූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ .
පැයට කිලෝමීටර් 185ක වේගයෙන් හමා ගිය උසාගි සුළි කුණාටුව පිලිපීනයේ උතුරු පළාතට කඩා වැදුණු අතර, එය දුර්වල වෙමින් තිබියදී එරට කාලගුණ ඒජන්සිය අනතුරු අඟවා ඇත්තේ මෑන් යී සුළි කුණාටුව පැයට කිලෝමීටර් 230ක වේගයෙන් ගොඩබිම දෙසට හමා එමින් තිබෙන බවයි .
පිලිපීනයේ ජනාධිපති ෆර්ඩිනන්ඩ මාකෝස් ජූනියර් සිය ජනතාවගෙන් ඉල්ලා සිටියේ පළාත් පාලන ආයතන හා ආපදා මෙහෙයුම් නිලධාරීන්ගේ අනතුරු ඇඟවිම්වලට අවනත වෙමින් සිය ආරක්ෂාව තහවුරු කර ගැනීමට පියවර ගන්නා ලෙසටයි .