චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ජපාන අග්‍රාමාත්‍ය ඉෂිබා ෂිගේරු මහතා හමුවී තිබෙනවා.
ඒ ඊයේ (15) පේරු හි ලීමා අගනුවරදී.
දෙරට නායකයින් එපෙක් නායකයන්ගේ 31වැනි නිල නොවන සමුළුවට සහභාගී වීමට පේරු රාජ්‍යය ගොස් සිටින අතරතුර දී මෙම හමුව සිදුව තිබෙනවා .
චීනය සහ ජපානය අතර දේශපාලන ලියවිලි හතරේ ස්ථාපිත මූලධර්ම හා මඟ පෙන්වීම්වලට අනුව ස්ථාවර චීන-ජපන් සබඳතා ගොඩනැගීමට, ජපානය සමග එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නා.
දෙරට අන්‍යෝන්‍ය සමීප හවුල්කරුවන් වන අතර එකිනෙකාට තර්ජනයක් නොවන අයුරින් වැදගත් සම්මුතීන් තහවුරු කිරීමට ද චීනය අපේක්ෂා කරනවා.
ගෝලීය නිදහස් වෙළඳ පද්ධතියේ මෙන්ම නිෂ්පාදන හා සැපයුම් දාමවල ස්ථාවරත්වය සුමටව ආරක්ෂා කළ යුතු බව ද ෂී ජින් පිං මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
එහිදී Ishiba Shigeru මහතා පෙන්වා දුන්නේ තායිවාන ප්රශ්නය සම්බන්ධයෙන් 1972 ජපන්-චීන ඒකාබද්ධ ප්‍රකාශය පිළිපැදීමේ ජපානයේ ස්ථාවරය කිසිසේත්ම වෙනස් වී නොමැති බවයි.
චීනය සමග සබඳතා දුරස් කිරිමට ජපානයට කිසිදු අදහසක් නොමැති බව, Ishiba Shigeru මහතා එහිදී කියාසිටියා.
Fukushima න්‍යෂ්ටික බලාගාරයෙන් අපද්‍රව්‍ය ජලය මුහුදට මුදා හැරීම සම්බන්ධයෙන් ඇති වූ එකඟතාව හැකි ඉක්මනින් ක්‍රියාවට නංවන බව ද දෙපාර්ශ්වය ප්‍රකාශ කර තිබෙනවා.