දැඩි ආර්ථක අර්බුදයකට මුහුණ පා සිටින පාකිස්තානයේ විවිධ ක්ෂේත්රවලට අයත් වෘත්තිකවේදීන් විදෙස්ගත වීම ඉහළ ගොස් ඇති එරට මාධ්‍ය වාර්තා කරනවා.
ආර්ථික අස්ථාවරය මෙන්ම එරට පවතින දේශපාලන අවිනිශ්චිතභාවය ඊට හේතු වී ඇති බවයි පාකිස්තාන මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ .
මේ තත්ත්වය මත පාකිස්තානයේ ඉහළ දක්ෂතා ඇති පුද්ගලයන් වාර්තාගත සංඛ්‍යාවක් මේ වනවිටත් රට හැර ගොස් ඇති අතර එරට බුද්ධිමය හා වෘත්තීමය ප්රාග්ධනය ලෙස සැලකෙන වෘත්තිකවේදීන් රට හැර යෑම පාකිස්තානයේ අනාගතයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බව වාර්තා වෙනවා .
පාකිස්තානයේ පළවන දිනපතා ඉංග්‍රීසි පුවත්පතක් වන ‘දි එක්ස්ප්‍රස් ට්‍රිබියුන්’ පුවත්පතට අනුව එරට ජාතික දත්ත සහ ලියාපදිංචි අධිකාරිය විසින් මෑතකදී ප්‍රකාශ කර ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර සඳහා දිනකට අයැදුම්පත් 40,000කට අධික ප්‍රමාණයක් ලැබෙන බවයි .
එරට බුද්ධිගලනයට සමගාමීව විදෙස් රටවල අධ්‍යාපනය ලැබූ සිසු සිසුවියන් පවා එම අධ්‍යාපන කටයුතු අවසන් වීමෙන් පසු නැවත සිය රට බලා පැමිණීම සැලකිය යුතු අයුරින් පහත වැටී ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.