ලෙබනනයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් පරිපූරක වෛද්‍යවරුන් 12 දෙනෙකු මියගොස් තිබෙනවා.
මෙම සිදුවීම ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා හෙළා දැක තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩ්හනෝම් පවසන්නේ මෙම ප්‍රහාර වලින් තවත් 182 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
එමෙන්ම පසුගියදා සිදුවූ මෙවැනිම ප්‍රහාරයකින් පලස්තීනුවන් 28 දෙනෙකු මිය ගොස් 120 දෙනෙකු තුවාල ලබා ඇති බව ප්‍රදේශයේ සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කරනවා පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා සිට පලස්තීනුවන් 43,764ක් මිය ගොස් 103,490ක් තුවාල ලබා තිබෙනවා.
ලෙබනනයට එරෙහි යුද්ධය ආරම්භ වූ දා සිට ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයන් 3,445 ක් මිය ගොස් 14,599 ක් තුවාල ලබා සිටිනවා.