ස්පාඤ්ඤයේ වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊසාන දිග ස්පාඤ්ඤයේ සරා ගෝසා නගරය ආසන්නයේ පිහිටා ඇති වැඩිහිටි නිවාසයකයි මෙම ගින්න හට ගෙන ඇත්තේ.
ගින්නෙන් තුවාල ලැබූ විශාල පිරිසක් රෝහල් ගත කර ඇති බව එරට මාධ්‍ය නිවේදනය කරනවා.
ගින්න හටගන්නා අවස්ථාවේ එම වැඩිහිටි නිවාසය තුළ පුද්ගලයින් 82 නෙකු පමණ රැකවරණය ලබමින් සිටි බවයි වාර්තා වන්නේ.
මීට වසර 16කට පමණ පෙර එම වැඩිහිටි නිවාසය ආරම්භ කර ඇති අතර ඩිමෙන්ෂියා ඇතුළු මානසික රෝග සහිත වූවන් එහි රැකවරණය ලබමින් සිටි බව ද සඳහන්.
කෙසේ වුවද ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින්ගේ වයස් සම්බන්ධයෙන් මේ වන තෙක් නිල නිවේදනයක් නිකුත් කර නැහැ.