මාතර දී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
එකම පවුලේ පස් දෙනෙකු බරපතල තුවාල ලැබු අතර වයස අවුරුද්දක සහ අවුරුදු 7ක කුඩා දරුවන් දෙදෙනෙකු ද ඒ අතර වනවා.
මාතර සිට ගාල්ල දක්වා ධාවනය වූ දුම්රියේ කුඩා ලොරි රථය ගැටී තිබෙන්නේ පොල්වත්ත දුම්රිය හරස් මාර්ගයේදීයි.
එහිදී එකම පවුලේ හය දෙනෙකු තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
මෙම පිරිස තෙලිඡ්ඡවිල කිරිමැටිමුල්ල ප්රදේශයේ පදිංචිකරුවන් වන අතර ගාල්ලේ සිය ඥාති නිවසකට පැමිණ නැවත සිය නිවස බලා යාමේදීයි අනතුරට මුහුණ දුන්නේ.
අනතුරින් මියගියේ තිස්හතර හැවිරිදි ලොරි රථයේ රියදුරු සහ ඔහුගේ සීයායි.