මෙරට පාර්ලිමේත්තු මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයෙක් ලබාගත් ඉහළම මනාප ඡන්ද ප්රමාණයේ වාර්තාව එකම දිනයේ දෙවතාවක් අලුත් කිරීමට ජාතික ජන බලවේගය සමත් වුණා.
ඒ හරිනි අමරසූරිය අද දහවල් තැබූ වාර්තාව විජිත හේරත් විසින් අද පස්වරුවේ බිඳ හෙළමින්.
හරිනි අමරසූරිය මනාප 655,289ක් ලබාගෙන මහින්ද රාජපක්ෂ විසින් 2020 වසරේ මනාප 527,364ක් ලබාගෙන තැබූ වාර්තාව බිඳ දැමූ අතර විජිත හේරත් විසින් මනාප ඡන්ද 716,715ක් ලබාගෙන එම වාර්තාව බිඳ දැමුවා.
ඒ අනුව මෙරට පාර්ලිමේත්තු මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයෙක් ලබාගත් ඉහළම මනාප ඡන්ද ප්රමාණයේ වාර්තාවේ පළමු තැන විජිත හේරත්ට හිමිවන අතර දෙවන ස්ථානය හිමිවන්නේ හරිනි අමරසූරියටයි.
තෙවන ස්ථානය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හිමි වනවා.