මන්ත්‍රී ධුර අහිමි වු මන්ත්‍රීවරුන් දිස්ත්‍රික්ක වශයෙන් මෙසේ හදුන්වා තිබෙනවා .
කොළඹ දිස්ත්‍රික්කයේ සුසිල් ප්‍රේමජයන්ත ,මධුර විතානගේ , ප්‍රේමනාත් සී දොලවත්ත , උදය ගම්මන්පිල , සරත් වීරසේකරට මන්ත්‍රී ධුර අහිමිවී තිබෙනවා.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ නිමල් ලන්සා , ඉන්දික අනුරුද්ධ, නලින් ප්‍රනාන්දු , ප්‍රසන්න රණවීර,ලසන්ත අලගියවන්න , චන්න ජයසුමනට ද මන්ත්‍රි ධුර අහිමිවුණා.
රත්නපුරෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ ප්‍රේමලාල් ජයසේකර , පවිත්‍රා වන්නිආරච්චි , ජානක වක්කුඹුරට ද මන්ත්‍රී ධුරය අහිමි වූ බවයි සඳහන් වන්නේ .
ගාල්ල දිස්ත්‍රික්කයේ මනූෂ නානායක්කාර , රමේෂ් පතිරණ , චන්දිම වීරක්කෝඩි , බන්දුලාල් බන්ඩාරිගොඩ , මොහාන් පී ද සිල්වා , ඉසුරු දොඩංගොඩ
හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහින්ද අමරවීර,අජිත් රාජපක්ෂ
මාතර දිස්ත්‍රික්කයේ කංචන විජේසේකර , නිපුන රණවක , බුද්ධික පතිරණ , වීරසුමන වීරසිංහ යන ජනතා නියෝජිතයන්ට සිය මන්ත්‍රී ධුර අහිමිවුණා.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ අසංක නවරත්න ,අනුර ප්‍රියදර්ශන යාපා ,ජොන්ස්ටන් ප්‍රනාන්දු ,ශාන්ත බණ්ඩාර , ඩී බී හේරත්ට ද මන්ත්‍රී ධුර අහිමිව තිබෙනවා.
මොණරාගල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධුර අහිමිවුයේ ශෂින්ද්‍ර රාජපක්ෂටයි .
මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රමිත බණ්ඩාර සහ රෝහණ දිසානායකට මන්ත්‍රී ධුර අහිමි වී තිබෙනවා.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ එස් පී මුතුකුමාරණ , එස් එම් චන්ද්‍රසේන , දුමින්ද දිසානායකට ද මන්ත්‍රී ධුර අහිමිව තිබෙනවා.
මහනුවර දිස්ත්‍රික්කයේ මහින්දානන්ද අලුත්ගමගේ , දිලුම් අමුණුගම ,රංජිත් බණ්ඩාර , වසන්ත යාපා බණ්ඩාර , ගුණතිලක රාජපක්ෂට ද මන්ත්‍රී ධුර අහිමි වුණා.
කළුතර දිස්ත්‍රික්කයෙන් රොෂාන් රණසිංහ , සංජීව එදිරිමාන්න සහ රාජිත සේනාරත්නට ද මන්ත්‍රී ධුර අහිමි වී තිබෙන බවයි වාර්තා වන්නේ .
කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජන කළ රාජිකා වික්‍රමසිංහ , තාරක බාලසූරිය , රංජිත් සියඹලාපිටිය , දුශ්මන්ත මිත්‍රපාලට ද මන්ත්‍රී ධුරය අහිමිවුණා.
පුත්තලම දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ අරුන්ධික ප්‍රනාන්දුට ද මන්ත්‍රී ධුරය අහිමි වී තිබෙනවා.