රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ” කුෂ්” සහ ” හෂීෂ්” මත්ද්‍රව්‍ය තොගයක් , කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් , ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කිරීමේ දී ඊයේ දින මධ්‍යම රාත්‍රී (14) දින රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .
ඇය රූපලාවන්‍ය සැලූනයක් පවත්වා ගෙන යන 37 හැවිරිදි තායිලන්ත ජාතික කාන්තාවක් .
ඇය අද (14) දින මධ්‍යම රාත්‍රී 11.55 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙන බවයි සඳහන් වන්නේ .
ඇය විසින් රැගෙන ආ ගමන් මලු තුළ ” කුෂ්” සහ ” හෂීෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 22 ක ප්‍රමාණයක් සගවා ගෙන සිටියදී , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ .
පසුව මෙම කාන්තාව සහ ඇය විසින් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමටයි පියවර ගෙන තිබෙන්නේ .
ඔවුන් මෙම කාන්තාව අද (15) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 22 දින දක්වා රදවා තබා ගෙන විමර්ශන කටයුතු සිදු කිරීමට අවසර ලබා ගෙන තිබෙනවා .