ගැඹුරු මුහුදේදි නාවික හමුදාව සොයාගත් හෙරොයින් 66kg ක තොගයක් අද උදෑසන ගාල්ල වරායට රැගෙන එනු ලැබුවා.
එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 1650 කට අධිකයි.
නාවික හමුදාවේ සුරනිමල නෞකාව යොදා ගනිමින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදි මත්ද්‍රව්‍ය සහිත බහුදින යාත්‍රාව සොයා ගැනුණා.
ඒ සමග සැකකරුවන් 6 දෙනෙකුද අත්අඩංගුවට ගැනිමට නාවික හමුදාවට හැකිවුණා.
එම මත්ද්‍රව්‍ය තොගය අද උදෑසන ගාල්ල වරායට රැගෙනවිත් වැඩිදුර පරීක්ෂණ සිදුකළා.
උර 6 ක් තුළ පාර්සල් 60 ක මත්ද්‍රව්‍ය 66kg යි 840g ක් තිබූ බවයි නාවික හමුදාව සඳහන් කළේ.
ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා යන මහත්වරුන් එම මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණය කළා.