දස වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රි ධුර බෙදී ගොස් ඇත්තේ මේ ආකාරයටයි.
ජාතික ජනබලවේගය මන්ත්‍රි ආසන 141ක් දිනාගත් අතර ජාතික ලැයිස්තුවෙන් හිමිවූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 18කි.
ඒ අනුව මුළු මන්ත්‍රි සංඛ්‍යාව 159යි .
සමගි ජනබලවේගය මන්ත්‍රි ආසන 35ක් දිනාගත් අතර ජාතික ලැයිස්තුවෙන් හිමිවූ ගණන 5කි.
ඒ අනුව මුළු මන්ත්‍රි සංඛ්‍යාව 40ක්.
ඉලංගෙයි තමිල් අරසු කච්චි දිනාගත් ආසන සංඛ්‍යාව 07ක්.
ජාතික ලැයිස්තුවෙන් 1ක් මන්ත්‍රිධුරයක් හිමිවූ අතර මුළු මන්ත්‍රි ධුර සංඛ්‍යාව 8යි.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ මන්ත්‍රි ආසන 03 ක් දිනාගත් අතර ජාතික ලැයිස්තුවෙන් 02ක් හිමි විය.
ඒ අනුව එම පක්ෂයට මන්ත්‍රීධුර 05ක් හිමිවිය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රි ධුර 02ක් දිනාගත් අතර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 01 ක් හිමි විය.
ඒ අනුව මන්ත්‍රිධුර 03ක් ඔවුන් සතුවිය.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය දිස්ත්‍රික් ආසන 2ක් දිනාගත් ජාතික ලැයිස්තුවෙන් එක් මන්ත්‍රිධුරයක් හිමි විය.
ඔවුන් හිමිකර ගත් මන්ත්‍රි ධුර සංඛ්‍යාව 03ක්. සර්වජන බලය ලබාගත් ඡන්ද ප්‍රතිශතය අනුව එක් ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයක් හිමි විය.
එක්සත් ජාතික පක්ෂය එක් මන්ත්‍රී ධුරයක් දිනාගත් අතර, ප්රජාතන්ත්රවාදී දෙමළ ජාතික සන්ධානය එක් මන්ත්‍රි ධුරයක් හිමිකර ගත්තා.
සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයට ද එක් මන්ත්‍රි ධුරයක් හිමි විය.
සමස්ත ලංකා ජනතා කොංග්‍රසය එක් මන්ත්‍රි ආසනයක් දිනාගත්තා.
යපනය ස්වාධීන කණ්ඩායමට ද එක් මන්ත්‍රි ධුරයක් හිමි විය.
ශ්‍රී ලංකා කම්කරු පක්ෂය එක් මන්ත්‍රි ධුරයක් දිනා ගත්තා.
ඒ අනුව දසවන පාර්ලිමේන්තුවේ මන්ත්‍රි ධුර 225 මේ වන විට නම් තේරී පත්ව තිබෙනවා.
ඡන්දයෙන් ජයග්‍රහණය කළ මන්ත්‍රිවරුන් හා ජාතික ලැයිස්තුවෙන් ඒ ඒ පක්ෂවලින් නම්කරන ලද මන්ත්‍රිවරුන්ගේ නාමයන් මැතිවරණ කොමිසන් සභාව විසින් ගැසට් කිරීම ඉදිරි දින කිහිපයේදී සිදුවනු ඇති.
එම මන්ත්‍රිවරුන් 225 පාර්ලිමේන්තුවේ අසුන් ගන්නේ ලබන 21 බ්‍රහස්පතින්දායි.
දස වන පාර්ලිමේන්තුවේ පළමුවන සැසියේදී කතානායකවරයා තෝරාගැනීම සිදුවනු ඇති.
ඉන් අනතුරුව කතානායකවරයා ඉදිරියේ සියලු මන්ත්‍රිවරුන් දිවුරුම් දීම සිදු කරනු ලබනවා.