මෙවර මහ මැතිවරණයේ තවත් ජයග්‍රහණයක් ජාතික ජන බලවේගය සනිටුහන් කර තිබෙනවා.
ඒ සියලු ආගම්,ජාති, භේදයකින් තොරව නැගෙනහිර හා උතුරේ ජනතාව තනි ජාතික නායකයෙකු තෝරා ගැනීමයි.
ඒ සමගම මුළු රටම එකම ජාතික නායකයෙකු කෙරෙහි විශ්වාසය තැබු ඉතිහාසයේ පළමු අවස්ථාව ද මෙය වනවා.
උතුරේ දෙමළ ජනතාව ප්‍රථම වරට ජාතික නායකයෙකු කෙරෙහි තැබු විශ්වාසය මෙවර ඡන්ද ප්‍රතිඵලයෙන් ඉතා ඉහළින් ප්‍රදර්ශනය කර තිබුණා.
යාපනය දිස්ත්‍රික්කයේද ආසන තුනක්ම හිමිකර ගැනීමටයි ජාතික ජනබලවේගය සමත්වුණේ.
ඔවුන් දිස්ත්‍රික්කයෙන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව 80,830ක්.
එහි ප්‍රතිශතය සියයට 24.85ක් ලෙසයි වාර්තා වුණේ.
ඔවුන් එසේ ලබා ගනිද්දි ඉලංගෙයි තමිල් අරුසුකච්චියට හිමිවුයේ එක් ආසනයක් පමණයි.
ඒ 63321ක් ලබා ගනිමින්. සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයට එක් ආසනයක් හිමිවුයේ ඡන්ද 27986ක් ලබා ගනිමින්.
යාපනය ස්වාධීන කණ්ඩායම් 17 ඡන්ද 27855ක් ලබාගත්තා.
ඔවුන්ට ද ආසනයක් හිමි වුණා.
කෙසේ වෙතත් මෙම ප්‍රතිඵල තුළින් ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක කෙරෙහි දෙමළ ජනතාව තැබු විශ්වාසය කැපී පෙනුනා.
ජාති හා ආගම්වාදය ජනතා ප්‍රතික්ෂේප කර තිබීම විශේෂත්වයක්.
වන්නි දිස්ත්‍රික්කයයෙන් ජාතික ජනබලවේගය ලැබු ජයග්‍රහණය ද සුවිශේෂි වෙනවා.
ඔවුන් එම දිස්ත්‍රික්කයෙන් හිමිකර ගත් ආසන සංඛ්‍යාව දෙකක්.
ඒ ඡන්ද 39894ක් ලබා ගනිමින්.
එහි ප්‍රතිශතය සියයට 20.37ක්.
සමගි ජනබලවේගයට එක් ආසනයක් හිමිවුණේ ඡන්ද 32232ක් ලබා ගනිමින්.
ඉලංගෙයි තමිල් අරුසුකච්චි ඡන්ද 29711ක් ලබා ගනිමින් එක් ආසනයක් හිමිකර ගත්තා.
ප්රජාතන්ත්රවාදී දෙමළ ජාතික සන්ධානයට ද එක් ආසනයක් හිමිකර ගැනීමට හැකිවුණා.
ඒ ඡන්ද 21102ක් ලබා ගනිමින්. ශ්‍රී ලංකා කම්කරු පක්ෂයට ද එක් ආසනයක් හිමිවුණා.
ඔවුන් ලබාගෙන තිබුණේ ඡන්ද 17710ක්.
නැගෙනහිර පළාත ද මෙම ප්‍රතිඵලයම පෙන්නුම් කිරීම ජාතික ජන බලවේගය ලැබු සුවිශේෂි ජයග්‍රහණයක් වුණා.
ඉලංගෙයි තමිල් අරුසුකච්චි මඩකලපුව දිස්ත්‍රික්කය සදහා ඡන්ද 96975ක් ලබා ගත්තා.
එහි ප්‍රතිශතය සියයට 33.78ක්.
ඔවුන් ආසන 3ක් හිමිකර ගැනීමට හැකිවුණා.
ජාතික ජනබලවේගය එම දිස්ත්‍රික්කය සදහා ලබාගත් ආසන සංඛ්‍යාව 01යි.
ඒ ඡන්ද 55498ක් සදහා වන සියයට 19.33ක ප්‍රතිශතයක් සමගින්. ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසය හිමිකරගත් ඡන්ද සංඛ්‍යාව 40,139ක්.
එහි ප්‍රතිශතය දැක්වුණේ 13.98ක් ලෙසයි.
ආසනයක් හිමිකර ගැනීමට එම පක්ෂයට හැකි වුණා.
ජාතින ජනබලවේගයට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය වෙනුවෙන් ඡන්ද 87031ක් හිමි වුණා.
එහි ප්‍රතිශතය සියයට 42.48ක් වන අතර ආසන දෙකක් හිමිව තිබෙනවා.
සමගි ජනබලවේගයට ඡන්ද 53058ක් ලබා ගැනීමට හැකිවුණේ සියයට 25.91ක ප්‍රතිශතයකින්.
ඔවුන්ට ද එක් ආසනයක් හිමිව තිබෙනවා.
ඉලංගෙයි තමිල් අරුසුකච්චි ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 34168ක්. සියයට 16.68ක ප්‍රතිශතයක් සමග ආසනයක් හිමිකර ගැනීමට ඔවුන්ට හැකිවුනා.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ ඡන්ද 9387ක් ලබා ගත් අතර එහි ප්‍රතිශතය සියයට 4.58ක්.