ව්‍යාජ දුරකතන ඇමතුම් ලබා දී ඊසි කෑෂ් ක්‍රමයට මුදල් වංචා කළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නම සහ තනතුර භාවිත කරමින් වෙනත් දිස්ත්‍රික් වෛද්‍යවරුන්ට දුරකතන ඇමතුම් ලබා දී එම වෛද්‍යවරුන් රැවටීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
එසේම ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් යැයි පවසා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ අධිකාරීවරුන් වෙත දුරකතන ඇමතුම් ලබාදී ඔවුන් රවටා මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන්ද පැමිණිල්ලක් ලැබී ඇති අතර ඒ අනුවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර තිබෙන්නේ.
එහිදී වයස අවුරුදු 42ක් වන වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් සහ වයස අවුරුදු 28ක් වන මුලැඩියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.