මහනුවර දිස්ත්‍රික්කයේ සාමකාමී මැතිවරණ වාතාවරණයක් පවතින අතර ඡන්ද අයිතිය තහවුරු කරමින් සිය ඡන්දය කඩිනමින් ලබාදීමට කටයුතු කරන ලෙස මහනුවර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී චන්දන තෙන්නකෝන් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා .
අද (14) උදෑසන මාධ්‍යයට අදහස් දක්වමින් මහනුවර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී චන්දන තෙන්නකෝන් මහතා මේ බව ප්‍රකාශ කර සිටියා .
අද උදෑසන 07 වන විට ඡන්දය භාවිතා කිරීමට සියලු මධ්‍යස්ථාන විවෘත කළ බවද සවස 04 වන විට සියලු කටයුතු අවසන් කිරීමට නියෝග කර ඇති බවද පස්වරු 04.15 – 04.30 පමණ වන විට පළමු ඡන්ද පෙට්ටිය ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ලැබෙනු ඇති බවයි සඳහන් කළේ.
මෙවර ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන පොල්ගොල්ලේ පවතින බව පැවසූ මහනුවර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා අනෙකුත් ඡන්ද පෙට්ටි ලැබුණු වහාම ඡන්ද ගණන් කිරීම ඇරඹීමට බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කර සිටිනවා .
මුල්ම ගණන් කිරීම පස්වරු 05.30 පමණ වන විට ඇරඹීමට හැකිවෙතැයි අපේක්ෂා කරන බවද කිසිදු බියකින් සැකයකින් තොරව උදෑසනම පැමිණ ඡන්දය ලබාදෙන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටිනවා .
සියලු ආරක්ෂක කටයුතු සංවිධානය කර ඇති අතර කඩිනමින් පැමිණ සිය ඡන්දය ප්‍රකාශ කරන ලෙසද මහනුවර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී චන්දන තෙන්නකෝන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා .