ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම වංකාලේ ප්‍රදේශයේ සහ සිලාවතුර වෙරළ ප්‍රදේශයේදී ඊයේ (13 )වන දින අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකර අල්ලන ලද මුහුදු කූඩැල්ලන් ගණනින් එක්දහස් පනස් පහක පමණ තොගයක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා .
ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබන බවයි සඳහන් වන්නේ .
මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 28 ත් 62 ත් අතර පසුවන වංකාලේ සහ සිලාවතුර යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
එම සැකකරුවන් සහ මුහුදු කූඩැල්ලන් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර පරීක්ෂක කාර්යාලය සහ සිලාවතුර ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා .