ජපානයේ පසුගිය මැතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසු ලිබරල් ඩිමොක්රටික් පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමිවීම හේතුවෙන් දරුණු පසු බෑමකට ලක්වූ අගමැති ෂිගේරු ඉෂිබා එරට පාර්ලිමේන්තුවේ දෙවැනි ඡන්ද විමසීමෙන් ජයග්‍රහණය කිරීමට සමත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .
සඳුදා පැවති අසාමාන්‍ය පාර්ලිමේන්තු සැසිවාරයේදී ඉෂිබා ප්‍රධාන විරුද්ධ පක්ෂය වන ජපානයේ ව්‍යවස්ථාපිත ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක යොෂිහිකෝ නෝඩා පරාජයට පත් කළ බවයි සඳහන් වන්නේ .
කෙසේ වුවද සුළුතර රජයක අගමැතිධුරය දැරීමෙන් ඉදිරියේදී එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන ඕනෑම පනතක් හෝ අයවැයක් ජයග්‍රහණය කිරීමේ අභියෝගයට මුහුණ දීමට අගමැතිවරයාට සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ .
හිටපු ආරක්ෂක ඇමැතිවරයා ද වන ෂිගේරු ඉෂිබා ජපාන දේශපාලනයේ කීර්තියට පත්වූයේ එරට දීර්ඝතම කාලයක් අගමැති ධුරයේ කටයුතු කළ ෂින්සෝ අබේ ඇතුළු ලිබරල් ඩිමොක්රටික් පක්ෂයේ නායකයන් විවෘතව විවේචනය කිරීම හේතුවෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා .