අවසන් වූ පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් සංචාරක නවසීලන්ත කණ්ඩායම පරාජය කරමින් ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව ලකුණු 45ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා .
මේ අනුව තරග 3කින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගෙන තිබෙනවා .
වර්ෂාවෙන් බාධා එල්ල වූ මෙම තරගයේ නවසීලන්ත කණ්ඩායමට ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව පන්දුවාර 27කදී ජයග්‍රහණය සඳහා ලකුණු 221ක ඉලක්කයක් හිමි වූ බවයි සඳහන් වන්නේ .
ඒ අනුව නවසීලන්ත කණ්ඩායමට නියමිත පන්දුවාර සංඛ්‍යාව තුළදී කඩුලු 9ක් දැවී රැස්කිරීමට හැකිව තිබෙන්නේ ලකුණු 175ක් පමණයි .