අද (13 ) දහවල් ඕහිය ප්රදේශයට ඇඳ හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඕහිය මහ ඔය පිටාර ගැලීම නිසා ඕහිය – බොරලන්ද ප්රධාන මාර්ගයේ කොටසක්
ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා එල්ල වී තිබෙනවා .
මේ හේතුවෙන් ඕහිය ඡන්ද මධ්යෂ්ථානය වෙත ඡන්ද පෙට්ටි ප්රවාහනය කිරීමටද බාධා එල්ල වු අතර ඕහිය ප්රදේශයේ සංචාරයේ පැමිණි දෙස් විදෙස්
සංචාරකයින්ද අපහසුතාවයට පත්වූ බවයි අප වාර්තාකරු සඳහන් කර සිටියේ .