රේගු නිලධාරීන් සිය රාජකාරීයට අදාළ කටයුතු පමණක් සිදු කිරීමට ගෙන තිබූ තීරණය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
රේගු වෘත්තීය සමිති සන්ධානයේ සභාපති අමිල සංජීව මහතා අද (13)දින පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශකර සිටියා .
අමාත්‍ය විජිත හේරත් මහතා කොළඹ වරායේ පසුගිය 07 වනදා නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා.
එහිදී වරාය කටයුතු සොයා බැලීමටයි ඒ මහතා කටයුතු කළේ.
බහාලුම් රථ හිමිකරුවන් හා රියදුරන් අමාත්‍ය විජිත හේරත් මහතා හමු වූ අතර එහිදී ඔවුන් රේගු නිලධාරීන් සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශ සිදු කළ බවටයි රේගු නිලධාරීන් චෝදනා කළේ.
එම ප්රකාශයන්ට විරෝධය දක්වමින් රාජකාරියට අදාළ කටයුතු පමණක් සිදු කිරීමට රේගු නිලධාරීන් තීරණයක් ගෙන තිබුණා.
නමුත් මේවන විට රට තුළ මැතිවරණයක් පැවැත් වෙන විශේෂිත කාලසීමාවක් බැවින් එම වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කළ බවයි රේගු වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ.
මේ අතර රේගු අධ්යක්ෂ ජනරාල්වරයා ද අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල්වරුන් වන බලාත්මක,ආදායම් හා සේවා අංශ භාර නිලධාරීන් දැනුවත් කර තිබෙනවා.
එහිදී දැනුම් දී තිබෙන්නේ බහාලුම් නිශ්කාශන කටයුතු විධිමත්ව පවත්වාගෙන යමින් රජයේ ආදායම් සුරැකීමට කටයුතු කරන ලෙසයි.
එසේම පෙර පැවති ආකාරයට රේගු අංගනවල කටයුතු සිදුකරන ලෙසටත් ඡන්ද අයිතියට බාධාවක් නොවන ලෙසටත් කටයුතු කරන ලෙසයි රේගු අධ්යක්ෂ ජනරාල්වරයා අදාළ නිලධාරීන්ට අවධාරණය කර තිබෙන්නේ.