ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වාර්ෂික G20 සමුළුවට සහභාගී වීම සඳහා බ්‍රසීලය බලා යාමට නියමිතව තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරනවා .
නොවැම්බර් 16 වනදා ආරම්භ වන එම සංචාරය අතරතුර මෝදි නයිජීරියාවට සහ ගයනාවේ ද සංචාරය කරන බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය අඟහරුවාදා ප්‍රකාශ කර තිබෙන්නේ .
අගමැති මෝදිගේ පළමු ගමනාන්තය නයිජීරියාව වන අතර එය වසර 17කට පසු ඉන්දීය අගමැතිවරයකු අප්‍රිකානු රටකට පැමිණෙන පළමු අවස්ථාව බවයි සඳහන් වන්නේ .
G20 සමුළුවට සහභාගි වීම සඳහා නයිජීරියාවේ සිට අගමැති මෝදි නොවැම්බර් 18 වැනිදා සිට දෙදින සංචාරයක් සඳහා බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නගරයට පිටත්වීමට නියමිතව තිබෙන බවටයි වාර්තා වන්නේ .
සමුළුවට සමගාමීව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු හමුවීමට අපේක්ෂා කරන බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටියේ .