ඉන්දීය රජයේ මූල්‍ය සහායෙන් දිවයින පුරා තෝරාගත් ආගමික ස්ථානවල වහල මත සූර්ය පැනල පද්ධතිය සවි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා.
බලශක්ති අමාත්‍යාංශයේ මග පෙන්වීම මත ලංකා විදුලිබල මණ්ඩලය මෙය ක්‍රියාත්මක කරන්නේ බලශක්ති අධිකාරිය සහ ලංකා විදුලි සමාගම සමඟ ඒකාබද්ධවයි.
සූර්යපැනල 3500 ක් මෙලෙස සවිකිරීමට අපේක්ෂිතයි.
ඉන් 2572 ක් මේ වන විටත් ප්‍රවාහනය කර ඇති අතර සූර්ය පැනල 976 ක් දැනටමත් පිහිටුවා තිබෙනවා.