හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සජින් ද වාස් ගුණවර්ධන මහතා ඇතුලු තුන්දෙනෙකුට එරෙහි නඩුවකින් ඔවුන් නිදහස් කර තිබෙනවා .
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබු වාහන 797කින් වාහන 309ක් භාරදි නොමැති බවට එල්ල වූ චෝදනාවකිනුයි.
නීතිපති උපදෙස් මත ඔවුන් මෙම නඩුවෙන් නිදහස් කරන බවයි මහේස්ත්රාත්වරිය පැවසුවේ.
ඔවුන්ගේ විදෙස් ගමන් තහනම ද ඉවත් කෙරුණා.
2015 වසරේදී මෙම නඩුව පවරා තිබුණ බවයි සඳහන් වන්නේ .