වළවේ ගඟේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් ගං මෝය ඇහිරීම නිසා අම්බලන්තොට පහත් බිම් ජලයෙන් යටවීම සවස් වන විට වැඩිවෙමින් පවතින බව ආපදා කළමණාකරන ඒකකය සඳහන් කරනවා .
මේ හේතුවෙන් කොළඹ කතරගම ප්රධාන මාර්ගයේ කොටසක් වසා දමා වාහන ගමනා ගමනයට විකල්ප මාර්ග පොලිසිය විසින් හඳුන්වා දී තිබෙන බවයි සඳහන් වන්නේ .
ඊයේ සවස ඇති වූ ධාරනිපාත වැස්ස හේතුවෙන් වළවේ ගඟේ ජල මට්ටම මෙලෙස ඉහළ ගොස් ඇති බවයි සඳහන් වන්නේ .
මාතර කතරගම ප්රධාන මාර්ගයේ අම්බලන්තොට කිරළ කැලේ ප්රදේශයෙන් මාර්ගයට ජලය පැමිණීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති
වී තිබෙන බවයි වාර්තා වන්නේ .
මේ අනුව තංගල්ල සිට පැමිණෙන වාහන නෝනගම මංසන්දියෙන් හරවා ඇඹිළිපිටිය මාර්ගය ඔස්සේ රොටවල දක්වා ගමන් කර රොටවල අතුරු මාර්ගය
ඔස්සේ ප්රධාන මාර්ගයට පිවිසිය හැකි බව අම්බලන්තොට පොලිසිය පවසනවා .
හම්බන්තොට දෙස සිට ධාවනය වන රථ වාහනද මෙම මාර්ගය ඔස්සේ ධාවනය කර විය හැකි බවයි පොලිසිය පවසන්නේ .
වළවේ ගඟේ ගංමෝය කැපීමේ කටයුුතු හම්බන්තොට දිස්ත්රික් ආපදා කළමණාකරන ඒකකය මෙහෙයවීම මත සිදු කෙරෙමින් පවතින බව වාර්තා වී යනවා .