වායු දූෂණය මැඩපැවැත්වීම සඳහා හදිසි සහ දැඩි උත්සාහයක් ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) පාකිස්ථානයේ නියෝජිත අබ්දුල්ලා ෆාඩිල් පාකිස්තාන බලධාරීන්ගෙන් ඉල්ලා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .
පන්ජාබ් හි දරුණුතම බලපෑමට ලක්වූ දිස්ත්‍රික්කවල වයස අවුරුදු පහට අඩු ළමුන් මිලියන 11 කට අධික සංඛ්‍යාවක් මෙම දුමාරයට නිරාවරණය වන බැවින්, යුනිසෙෆ් පකිස්තානය වායු දූෂණය අවම කිරීමට සහ දරුවන්ගේ සෞඛ්‍යය ආරක්ෂා කිරීමට හදිසි හා ප්‍රායෝගික උත්සාහයන් ඉල්ලා තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ .
පන්ජාබ් පළාතේ දුමාරයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්කවල දූෂිත, විෂ සහිත වාතය ආශ්වාස කිරීමට බල කෙරෙන කුඩා දරුවන්ගේ යහපැවැත්ම පිළිබඳව යුනිසෙෆ් දැඩි කනස්සල්ල පළ කර ඇති බව පකිස්ථානයේ යුනිසෙෆ් නියෝජිත අබ්දුල්ලා ෆාඩිල් සඳුදා ඉස්ලාමාබාද්හි නිකුත් කළ ප්‍රකාශයක පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා .
ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) වායු තත්ත්ව මාර්ගෝපදේශවලට වඩා 100 ගුණයකට වඩා වැඩි වායු දූෂණයක් සමඟ වායු දූෂණය පසුගිය සතියේ ලාහෝර් සහ මුල්තාන් හි සියලු වාර්තා බිඳ දැමූ බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ .
යුනිසෙෆ් ප්‍රධානියා පැවසුවේ ළමුන් දුසිම් ගනනක් ඇතුළු සිය ගණනක් රෝහල් ගත කර ඇති අතර වායු දූෂණය කෙතරම් දරුණුද යන්නත් එය දැන් අභ්‍යවකාශයෙන් පෙනෙන බවයි.