කෘෂිකර්මාන්තය සහ ඒ ආශ්රිත රැකියා අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට කොරියානු සුළු පරිමාණ ව්‍යවසායක සංගමය ඉදිරිපත්ව සිටිනවා .
එමෙන්ම ධීවර කර්මාන්තයට අවශ්‍ය තාක්ෂණික සහාය සහ පුහුණුව සඳහා පහසුකම් සැලසීමට ද කොරියානු සුළු පරිමාණ ව්‍යවසායක සංගමය එකඟතාව පළ කර තිබෙන බවයි .
කොරියානු සුළු පරිමාණ ව්‍යවසායක සංගමයේ නියෝජිත කණ්ඩායමක් හා ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් අතර ජනාධිපති කාර්යාලයේදී අද (13) පැවති සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය වී තිබෙනවා .
කොරියාවේ ධීවර කර්මාන්තය සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටදීම පුහුණු කිරීම සහ රැකියා අවස්ථාවන් ලබාදීමට ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කර තිබෙනවා .
කොරියානු සුළු පරිමාණ ව්‍යවසායක සංගමයේ සභාපති කිම් චුන්ග් රෙන්ග් (Kim Chung Ryong) මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව තිබෙනවා .