ගෙවිය යුතු හිඟ බදු මුදල් ලබන 30 වනදාට පෙර ගෙවීමට නොගෙවන්නේ නම් මත්පැන් නිෂ්පාදන සමාගම් පහක බලපත්‍ර අත්හිටුවීමට සුරා බදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
සමාජ ක්‍රියාකාරිකයකු වන සංජය මහවත්ත ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවූවා.
ඩබ්ලිව්.එම්. මෙන්ඩිස්, රෝයල් ඩිස්ටිලරිස් ඇතුළු සමාගම් පහකට එරෙහිවයි.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ වගඋත්තරකාර මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් රජයට ගෙවිය යුතු බදු මුදල් දිගින් දිගටම ගෙවීම පැහැර හැරීම නිසා ජාතික අර්ථිකයට විශාල අගතියක් සිදුවී ඇති බවයි.
පෙත්සම ලබන ජනවාරි 22 වන දා කැඳවීමට නියෝග කෙරුණා.
අදාළ සමාගම් පහ විසින් ගෙවීම පැහැර හැර ඇති බදු මුදල්වල වටිනාකම රුපියල් බිලියන හයකට ආසන්න බවත් නඩු වාර්තාවේ සඳහන්.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ වග උත්තරකාර මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් රජයට ගෙවිය යුතු බදු මුදල් දිගින් දිගටම ගෙවීම පැහැර හැරීම නිසා ජාතික අර්ථිකයට විශාල අගතියක් සිදුවී ඇති බවයි.