ඉන්දුනීසියාවේ ගිනිකන්දෙන් නිකුත් වන අළු සහිත දුමාරය හේතුවෙන් බාලි දුපතේ ගුවන් ගමන් අවලංගු කර තිබෙනවා.
ඉන්දුනීසියානු නිවාඩු නිකේතනයක් වන බාලි දුපත අසල ලෙවෝටෝබි ලකී ලකී ගිනිකන්දෙන් පිටවන අළු සහිත දුමාරය හේතුවෙනුයි ගුවන් සමාගම් කිහිපයක්ම ගුවන් ගමන් අවලංගු කර ඇත්තේ.
ක්වන්ටාස්, ජෙට්ස්ටාර් හා වර්ජින් ඕස්ට්‍රේලියා ගුවන් ගමන් අවලංගු කර තිබෙනවා.
පුද්ගලයන් 10 දෙනෙකුට මරු කැඳවමින් පසුගිය සතියේ දී ගිනිකන්ද කිලෝමීටර් 9 ක අළු තීරුවක් අහසට පුපුරා ගියා.
ඕස්ට්‍රේලියාවේ කාලගුණ විද්‍යා කාර්යාංශය ද අනතුරු අඟවා ඇත්තේ ගිනිකඳු අළු රටේ උතුරේ සමහර ප්‍රදේශවලට ගසාගෙන යා හැකි බවයි.