19වැනි චීන-රුසියානු උපායමාර්ගික ආරක්ෂක සාකච්ඡාව ආරම්භ වී තිබෙන බව මාධ්‍ය වාර්තා කරනවා .
ඒ ඊයේ(12) බෙයිජිංහිදී චීන විදේශ ඇමති වං යී මහතා සහ රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ලේකම් Sergey Shoigu මහතාගේ ප්‍රධානත්වයෙන් .
දෙපාර්ශ්වයට පොදු උපායමාර්ගික ආරක්ෂක ප්‍රශ්න සම්බන්ධයෙන් මෙහිදී නව එකඟතාවලට පැමිණ තිබෙන බව සඳහන් .
චීන-රුසියානු සහයෝගිතා ශක්තිමත් කොට දෙරට අතර සබඳතා තහවුරු කරමින් ගෝලීය සංවර්ධනය පොදුවේ ප්‍රවර්ධනය කිරීම මෙම සාකච්ඡාවේ අරමුණ වී තිබෙනවා .