2024 වසරේ මේ දක්වා ගතවූ කාලයේ ශ්රි ලාංකිකයින් 5120 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා .
නිශ්පාදන ක්ෂේත්රයට අදාළ රැකියා සඳහා 4384 දෙනෙකුද,ධීවර ක්ෂේත්රය සඳහා 721 දෙනෙකුද, ඉදිකිරීම් ක්ෂේත්රය සඳහා 14 දෙනෙකුද පිටව ගොස් තිබෙන බවයි සඳහන් වන්නේ .
මොවුන් අතරින් තරුණයින් 3984 දෙනකු පළමු වරට දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගිය පිරිස වන අතර, තවත් 719 දෙනකු දකුණු කොරියාවේ සේවය කර දිවයිනට පැමිණ යළිත් එරට සේවය සඳහා පිටව ගිය පිරිස (Re-entry) වෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා .
එසේම තවත් 417 දෙනෙකු Computer Base Test (CBT) ක්රමයට දකුණු කොරියාව බලා පිටත්ව ගොස් තිබෙන අතර තරුණියන් 102 දෙනෙකුද මෙම කාල සීමාව තුළදී දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් තිබෙනවා .
දකුණු කොරියාවේ කෙටි කාලීන E-8 වීසා කාණ්ඩයේ රැකියා වෙනුවට ඉහළ වැටුප් හිමිවන E-9 වීසා කාණ්ඩයේ රැකියා සඳහා වැඩි වශයෙන් ශ්රි ලාංකිකයින් යොමුකිරීමට ඉදිරියේදී දකුණු කොරියානු රජයේ බලධාරීන් සමඟ සාකච්ඡා කරන බව ශ්රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්රමසිංහ මහත ප්රකාශ කර සිටිනවා .