පකිස්ථානයේ ඉන්දු ගංගාවට බස් රථයක් පෙරලීමෙන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අධික වේගයෙන් ගමන් කිරීම නිසා රියදුරුට පාලනය කරගත නොහැකි ව එය අනතුරට ලක්ව ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
පාලමක් හරහා ගමන් කරමින් තිබියදී එය ඉන්දු නදියට ඇදවැටී ඇති බවයි වාර්තා වන්නේ.
විවාහ මංගල්‍යකට සහභාගී වන පිරිසක් බස් රථයේ ගමන් ගත්තා.
දැනටමත් ගංගාවෙන් මළ සිරුරු 13 ක් ගොඩගෙන ඇති අතර මගීන් 12 දෙනෙකු අතුරුදහන්.
අධික ශීත කාලගුණය හේතුවෙන් අනතුරින් දිවි ගලවා ගැනීමට කිසිවෙකු සමත් නොවන්නට ඇති බවයි සැක කෙරෙන්නේ.
අනතුරින් මනාලිය දිවි ගලවා ගෙන රෝහල් ගත කර ඇතත් පසුව ඇය මිය ගිය බව වාර්තා වනවා.