සැකකටයුතු වාහනයක් තංගල්ල පොලිස් වසමේ විතාරන්දෙණිය ප්‍රදේශයේ නිවසකින් සොයා ගෙන තිබෙනවා.
වාහනයක් සගවා ඇති බවට දකුණු පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද සේනාරත්න මහතාට ලැබුණ තොරතුරකට අනුවයි එම වාහනය පොලිස් භාරයට ගෙන තිබෙන්නේ.
මෙම සුඛෝපභෝගී ජීප් රථයේ අනන්‍යතාව තහවුරු කිරීම උදෙසා ලියකියවිලි කිසිවක් වත්මන් අයිතිකරු සතුව නොතිබූ බවයි පොලීසිය පැවසුවේ.
එහි අයිතිකරු ලෙස සැලකෙන ඇඹිලිපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු , නීතිඥයෙකු මාර්ගයෙන් මාතර පොලීසියට භාර වී තිබෙනවා.
ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙම මෝටර් රථය පිළිබඳව රස පරීක්ෂක වාර්තාවක් ලබා ගැනීමට ද නියමිතව තිබෙනවා.
මෙය කළුතර දිස්ත්‍රික්කයේ හිටපු ඇමතිවරයෙකුගේ ඥාතියෙකුගෙන් මිලදීගත් බවයි වත්මන් හිමිකරු පවසා ඇත්තේ.
රථය හමුවන අවස්ථාවේ එහි රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කර තිබු බවත් ප්‍රභූ ආරක්ෂක රථ සඳහා භාවිත කරන විදුලි ආලෝක සංඥා පද්ධති සවිකර තිබූ බවත් පොලිසිය පවසනවා.