කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ගුලි වශයෙන් සකස් කර ගිල දමා පැමිණි විදේශිකයෙකු කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තුර්කියේ සිට අද අළුයම දිවයිනට පැමිණි සියෙරාලියෝන් ජාතිකයෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
ඔහු කටුනායක ගුවන්තොටුපළ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරිත පර්යන්තය ඔස්සේ ගුවන්තොටුපළෙන් පිටතට යාමට උත්සහ කර තිබෙනවා.
ඔහු පිළිබඳ සැක සිතු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සැකකරු පරීක්ෂා කර තිබෙනවා.
එහිදී හෙළිව ඇත්තේ ඔහුගේ ආමාශය තුළ මත්ද්‍රව්‍ය ගුලි රැසක් තිබෙන බවයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් වෙත සැකකරු භාරදීමෙන් අනතුරුව ඔහු මීගමුව මහ රෝහලට ඇතුළත් කෙරුණා.
සැකකරු කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 80ක් පමණ ගිලදමා ඇති බවයි හෙළිවුණේ.
විරේක බෙහෙත් ලබාදීමෙන් පසු ඉන් ගුලි 56ක් පමණ පිටතට ගැනීමට හැකි වී තිබෙනවා.