ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී අද ආරම්භ වනවා.
දෙරට අතර පැවති 20-20 තරගාවලිය තරග එකට එකක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වුණා.
ඒ අනුව එක්දින ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කිරීම කෙරෙහි කණ්ඩායම් දෙකේම අවධානය යොමුව තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංක දරන අතර නවසීලන්ත කණ්ඩායමේ නායකත්වය හිමි තිබෙන්නේ මිචෙල් සැන්ටර්ටයි.
20-20 තරගාවලිය ක්‍රීඩා කළ වනිදු හසරංග ආබාධයකට ලක්වීම හේතුවෙන් එක්දින සංචිතයෙන් ඉවත් කෙරුණා.
ඒ වෙනුවට දුෂාන් හේමන්ත කැදවීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේ.
20-20 තරගාවලියේදී ආබාධයකට ලක් වූ කුසල් මෙන්ඩිස් මේ වන විට සුවය ලබා ඇති හෙයින් අද තරගය සඳහා ඔහු ක්‍රීඩා කරනු ඇති බවයි ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙන්නේ.
තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 2.30ට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.