ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ 64ක් මියගොස් තිබෙනවා.
කෙසේ වෙතත් ඇමෙරිකාව පවසන්නේ ඊශ්‍රායල ගැටුම් ආධාර බෙදා හැරීමේ කටයුතු වලට බාධාවක් නොවන බවයි.
ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාර වලින් ගාසා තීරයේ 64 දෙනෙකු හා ලෙබනනයේ තවත් 28 දෙනෙකු ඝාතනය වී ඇත්තේ ජාත්‍යන්තර ප්‍රජාව ප්‍රහාර නවත්වා දැමීමට බල කර ඇති මොහොතකයි.
පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා සිට මේ දක්වා පලස්තීනුවන් 43,665දෙනෙකු මිය ගොස් 103,076දෙනෙකු තුවාල ලබා සිටිනවා.
ලෙබනනයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් ද පුද්ගලයන් 3,287 දෙනෙකු මිය ගොස් 14,222 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මේ අතර එක්සත් ජාතීන්ගේ ආධාර ප්‍රධානියා ආරක්ෂක කවුන්සිලයට පවසන්නේ ඊශ්‍රායලය ගාසා තීරයේ සාගතය පිළිබඳ අනතුරු ඇඟවීම් ප්‍රතික්ෂේප කර ඇති බවයි.
සමස්ත ලෝකයම ගාසාවේ ජාත්‍යන්තර අපරාධ ක්‍රියාවන් ගැන සාක්ෂි දරන බවයි.
එහෙත් ගාසා තීරයට ආධාර සැපයීමට ඊශ්‍රායලය බාධාවක් නොවන බව ඇමරිකාව පවසා තිබෙනවා.