ඩොනල්ඩ් ට්රම්ප් ධවල මන්දිරයේ සේවය සඳහා එලොන් මස්ක් හා ෆොක්ස් නිවුස් ඉදිරිපත්කරන්නෙකු තෝරාගෙන තිබෙනවා.
ඇමරිකා ජනාධිපතිවරයා දෙවන වරට සිදු කරන පත්කිරීම් මේවායි.
ඒ අනුව නව රජයේ කාර්යක්ෂමතාව පිළිබඳ දෙපාර්තමේන්තුවේ ප්රධානියා ලෙස ලෝකප්රකට ව්යාපාරික එලොන් මස්ක්ට පත්කිරීමට නියමිතයි.
ට්රම්ප් පවසන්නේ ඔහු හිටපු රිපබ්ලිකන් අපේක්ෂක විවේක් රාමස්වාමි සමඟ එක්ව එම කටයුත්තට නායකත්වය දෙන බවයි.
රජයේ වියදම් කපා හැරීම සඳහා රජයෙන් පිටත සිට උපදෙස් හා මගපෙන්වීම් ලබා දීම එමගින් සිදු කෙරෙනු ඇති.
එමෙන්ම ෆොක්ස් නිවුස් ඉදිරිපත්කරන්නෙකු හා සටන් ප්රවීණයෙකු වන පීට් හෙග්සෙත් ආරක්ෂක ලේකම් ලෙස ද ජෝන් රැට්ක්ලිෆ් ඔහුගේ ජාතික බුද්ධි අධ්යක්ෂවරයා ලෙස ද තෝරාගැනීමට ට්රම්ප් කටයුතු කර තිබෙනවා.