මාතලේ පොලිස් වසමේ විහාරපාර ප්රදේශයේ නිවසක ආහාර පිසිමින් සිටි කාන්තාවක් භූමිතෙල් ලිප පෙරළීමෙන් ගිනි ඇවිළී මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා.
ඇය මාතලේ රෝහලට ඇතුළත් කර ඇති අතර ප්රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබෙනවා.
මිය ගිය කාන්තාව වයස අවුරුදු 34 ක් වූ මාතලේ ප්රදේශයේ පදිංචිකාරියක්.
සිද්ධිය සම්බන්ධයෙන් මාතලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.