විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන දික්පිටිගොඩ ශක්ති යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන බව කියන 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දික්පිටිගොඩ ශක්ති යන අයගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වන බව කියන ප්‍රධාන ගෝලයෙකු සහ තවත් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ විශේෂ කාර්ය බලකාය මගිනුයි.
රුපියල් ලක්ෂ 30කට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ද ඔවුන් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම ප්‍රමාණය 250g 750mg ක්.
මෙම මත්ද්‍රව්‍ය මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු සහ ඊට ආධාර අනුබල දුන් තුන්දෙනෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඒ අක්මීමණ පින්නදුව ප්රදේශයේදීයි.
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ පුද්ගලයා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන දික්පිටිගොඩ ශක්ති යන අයගේ ප්‍රධාන ගෝලයෙකු බවයි විශේෂ කාර්ය බලකාය පවසන්නේ.
සැකකරුවන් වැඩිදුර විමර්ෂණ සඳහා අක්මීමණ පොලිසිය වෙත භාරදී තිබෙනවා.