පුස්සැල්ලාව පොලිස් වසමේ මෙල්ෆට්වත්ත ප්රදේශයේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට බඹර ප්රහාරයක් සිදුව ඇති අතර එහිදී එක් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
ඊයේ (12) සවස මෙම බඹර ප්රහාරය සිදුව ඇති අතර පුද්ගලයන් 06 දෙනෙක් තුවාල ලබා ගම්පොල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙක් මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 50 ක් වූ පුස්සැල්ලාව ප්රදේශයේ පදිංචිකරුවෙක්.