හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාට අයත් එකලස් කළ වාහනයක් බවට සැකකෙරෙන වී එයිට් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙනු ලැබුවා.
මෙම රථය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ රඳවා තබන ලෙසයි කොටුව මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය නීතිඥ සුජීව සේනසිංහ මහතාට අයත් බව පැවසෙන එකලස් කළ බවට සැක කෙරෙන වාහනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය ඊයේ නියෝග කළා.
ඒ එම දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුවයි.
ප්‍රශ්නගත වාහනය වැඩිදුර පරික්ෂාවට රජයේ රස පරීක්ෂක වෙත යොමුකළ බවත් ඊට අදාළ වාර්තාව ලැබෙන තෙක් එය අධිකරණය භාරයට ගන්නා ලෙසත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා තිබුණා.
එහිදී මහේස්ත්‍රාත්වරිය පැවසුවේ අධිකරණයේ ගාල් කර තැබීමට ඉඩ නොමැති බැවින් එය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබා ගන්නා ලෙසයි.
ඒ අනුව අදාළ වාහනය අද දහවල් අධිකරණ භූමියට රැගෙන එනු ලැබුවා.
මෙම වාහනය රුපියල් මිලියන 100කට ආසන්න වටිනාකමකින් යුත් එකක් බවත් එහි මතුපිටට දැඩි හානි සිදුව ඇති බවත්/ සුජීව සේනසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මඩුල්ල පැවසුවා.
ඊට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පැවසූ ඔවුන් වාහනය එකලස් කළ එකක් නොවන බැවින් එය මුදා හරින ලෙසයි ඉල්ලා සිටියේ.