වී වගාව සඳහා හෙක්ටාරයකට ලබාදෙන රුපියල් 25,000 මුළු මුදලම දෙසැම්බර් 20 වනදා වනවිට ලබාදීමට මහා භාණ්ඩාගාරය එකඟ වූ බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් එම් පි එන් එම් වික්‍රමසිංහ මහතා පවසනවා.
මේ අතර ගොවීන්ගෙන් සාධාරණ මිලකට වී මිලදී ගෙන ඒ තුළින් ජනතාවගේ සහල් අවශ්‍යතාව සම්පූර්ණ කරන බවද කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයා සදහන් කළා.