ශ්රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් ගරු Andalib Elias මහතා අද දින ( 12) නාවික හමුදා මූලස්ථානයේදී නිළ හමුවක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්රියන්ත පෙරේරා මහතා හමුවී තිබෙනවා .
ඒ අනුව, මෙම නිළ හමුවේදී නාවික හමුදාධිපති සහ ශ්රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් අතර ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් සුහඳ පිළිසඳරක් පැවැත්වුණු අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණු බවයි වාර්තා වන්නේ .
තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපතිගේ නාවික සහයක, රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය සහ ශ්රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක Commodore M Moniruzzaman ද සහභාගීවී තිබෙනවා .