ආරුගම්බේ ප්රදේශයේ සංචාරයෙන් වළකින ලෙසට නිකුත් කළ අනතුරු ඇඟවීම් ඉවත් කරන ලෙස විදේශ අමාත්යංශය ඇමෙරිකා තානාපති කාර්යාලයෙන් ඉල්ලා තිබෙනවා.
ඇමෙරිකා තානාපති කාර්යාලය අදාළ අනතුරු ඇඟවීම් නිකුත් කළේ පසුගිය ඔක්තෝම්බර් 23 වනදායි.
ඒ සමගම සංචාරක ස්ථානවල ආරක්ෂාව තර කෙරුණා.
තර්ජන ක්රියා සම්බන්ධයෙන් පුද්ගලයන් 6 දෙනෙකු ද අත්අඩංගුවට ගැනුණා.
ඒ අනුව මේ වන විට ආරක්ෂක පියවර ගෙන ඇති බැවින් ආරුගම්බේ සම්බන්ධ අනතුරු ඇඟවීම් ඉවත් කර ගන්නා ලෙසයි විදේශ අමාත්යංශය ඇමෙරිකා තානාපති කාර්යාලයෙන් ඉල්ලා ඇත්තේ.
මේ අතර ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා ද පසුගිය දා නැගෙනහිර පළාතේ සංචාරයක නිරත වෙමින් ආරක්ෂක තත්ත්වය සොයා බැලුවා.