පාර්ලිමේන්තු මැතිවරණ රාජකාරිවලට පත්වීම් ලබා දී ඇති සියළුම නිලධාරින් අදාළ රාජකාරී සඳහා නියමිත දිනයට නියමිත ස්ථානවලට යායුතු බව මැතිවරණ කොම්සමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසනවා.
ඔහු මේ බව පැවසුවේ 2024 පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ පැවැති විශේෂ මාධ්‍ය හමුවට අද (12) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවට එක්වෙමින්.
ඒ අනුව මැතිවරණ රාජකාරි සඳහා ලබා දී ඇති පත්වීම් වෙනස් කිරීම් හෝ අවලංගු කිරීම් කිසි අයුරකින් සිදු නොකළ යුතු බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ .
එමෙන්ම මැතිවරණ රාජකාරියට වාර්තා නොකරීම දඩුවම් ලැබිය හැකි වරදක් බව මැතිවරණ කොම්සමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා .