ඉන්දියාවේ මනිපූර් හි ජිරිබාම් නගරයේ සිදුවු වෙඩි හුවමාරුවකින් කැරළිකරුවන් 10 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මනිපූර් හි ජිරිබාම් පොලිස් ස්ථානයට කැරළිකරුවන් දෙපාර්ශවයකින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළා.
ඉන් අනතුරුවයි කැරළිකරුවන් හා පොලිසිය අතර ගැටුම් ආරම්භ වුයේ.
දෙපාර්ශවය අතර ගැටුම්වලින් එක් පොලිස් නිලධාරියෙකු තුවාල ලැබූ බවයි පොලිසිය සඳහන් කරන්නේ.
අදාළ පොලිස් ස්ථානය අසල අවතැන් ජනතාව රඳවා සිටින සහන කඳවුරක්ද පිහිටා තිබෙනවා.
එම කදවුරද කැරළිකරුවන්ගේ ඉලක්කයක් වන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.
පසුගිය මාස කිහිපය තුළ කිහිපවරක්ම අදාළ පොලිස් ස්ථානයට කැරළිකරුවන්ගේ ප්‍රහාර එල්ල වී තිබෙනවා.
ප්‍රහාරයෙන් අනතුරුව පළා ගිය කැරළිකරුවන් කිලෝ මීටර කිහිපයක් දුරින් පිහිටි ගම්මානයකට ගිනි තබා ඇති බවයි වාර්තා වන්නේ.