ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ජීවත් වන පවුලක් භාවිතයෙන් ඉවත් කළ ඔවුන්ගේ මෝටර් රථය චාරිත්‍රානුකූලව භූමදානය කළ සිදුවීමක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙසේ භූමදානය කර ඇත්තේ ඔවුන්ගේ වසර 12ක් පැරණි මෝටර් රථයයි
එම රථය ඔවුන්ට වාසනාව සහ සමෘද්ධිය ගෙන දුන් බවටයි ඔවුන් විශ්වාස කරන්නේ.
එමෙන්ම ඔවුන් සිය වාසනාව වෙනස් කළ වාහනය සිහිපත් කිරීම සඳහා එම ස්ථානයේ ගස් සිටුවමින් පවුල , ගම්වැසියන් සමඟ එක්ව කටයුතු කර තිබෙනවා.
එමෙන්ම මෙම අවස්ථාවට රුපියල් ලක්ෂ 4කට අධික මුදලක් වැය කර ඇති අතර, 1500කට ආසන්න පිරිසකට ද ඔවුන් මේ සඳහා ආරාධනා කර ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.