කළුතර දිස්ත්‍රික්කයේ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයේ දෙවැනි වාර පරීක්ෂණයේ දී උසස් පෙළ දරුවන්ට ලබා දුන් සාමාන්‍ය පොදු පරීක්ෂණයේ ප්‍රශ්න පත්‍රයට දේශපාලන පක්ෂයකට සම්බන්ධ ප්‍රශ්න පහක් අන්තර්ගත වීම පිළිබඳ ව අමාත්‍යාංශ මට්ටමින් කඩිනම් පරීක්ෂණයක් සිදු කරන ලෙස අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
ලේකම්තුමිය වැඩිදුරටත් සඳහන් කළේ, සමාජය තුළ කතාබහකට ලක් වී ඇති මෙම ප්‍රශ්න පත්‍රය සකස් කර ඇත්තේ අදාළ පාසලෙන් ම බවත් ඒ සඳහා අමාත්‍යාංශ මට්ටමින් හෝ වෙනත් ආයතනික මට්ටමකින් හෝ කිසිඳු සම්බන්ධයක් නොමැති බවයි.
අමාත්‍යාංශ මට්ටමින් සිදු කරනු ලබන විධිමත් පරීක්ෂණයකින් පසු ව ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඇය සඳහන් කළා.