තඹුත්තේගම එප්පාවල ප්රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් වයස අවුරුදු 80ක කාන්තාවක මියගියා.
නිරන්තරයෙන් ගම්වදින වන අලින් හේතුවෙන් ජන ජීවිතයට දැඩි බලපෑම්එල්ල වී ඇති බව ප්රදේශවාසීන් පවසනවා.
තඹුත්තේගම කටියාව ප්රදේශයේ පසුගිය දින කිහිපයේම වන අලින් රංචුවක් සැරිසරමින් සිට තිබෙනවා.
ප්රදේශවාසීන් දැඩි බියකින් පසුවූ අතර වන අලි රංචුවේ දැවැන්තම වන අලියා විසින් එල්ල කළ ප්රහාරයකිනුයි කාන්තාව මියගොස් තිබෙන්නේ.
තඹුත්තේගම, එප්පාවල, කටියාව වැනි ප්රදේශවල ජනතාව වන අලි ගැටලුවෙන් පීඩාවට පත්ව ඇති අතර පසුගිය දින කිහිපයේ පස් දෙනෙකු පමණ වන අලි ප්රහාරවලින් ජීවිතක්ෂයට පත්වුණා.