මහ මැතිවරණයේ ප්රචාරක කටයුතු ඊයේ (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.
මැතිවරණය සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව තේරීම්භාර නිලධාරීවරුන් පවසනවා.
ඡන්ද පෙට්ටි ප්‍රවාහනය අද (12) සහ හෙට (13) දිනයන්හිදී සිදු කෙරෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.
2024 මහ මැතිවරණය අනිද්දා (14) පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
මධ්‍යස්ථාන 13421 ඡන්දය පැවැත්වෙන අතර මෙවර මැතිවරණයට පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරමින් අපේක්ෂකයින් 8352 නෙකු ඉදිරිපත්ව සිටිනවා.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොමැති වුවද සිය අනන්‍යතාව තහවුරු කරමින් ඡන්දය භාවිත කිරීමට පහසුකම් සලසා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.
මේ අතර මහ මැතිවරණය සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් පවසනවා.
ඡන්දය භාවිත කිරීම සඳහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාද ක්‍රියාත්මකයි.
මහ මැතිවරණය සඳහා හැටදහසක පොලිස් බලඇණියක් සහිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසනවා.