ලොව උසස්ම කුරුදු නිෂ්පාදකයා ලෙස සිලෝන් සිනමන් සන්නාමය සිංගප්පුරුව තුළ ප්‍රචලිත කිරිමේ වැඩසටහනක් එරට දී පැවැත්වුණා.
ශ්‍රී ලංකාවේ සිංගප්පුරු තානාපති කාර්යාලය මෙම වැඩසටහන සංවිධාන කළේ සිංගප්පුරුවේ වෙනිසියුලා තානාපති කාර්යාලය සමග ද එක්වයි.
ශ්‍රී ලංකාවේ කුරුදු හා කුරුදු ආශ්රිත නිෂ්පාදන ප්‍රවර්ධනය සිදුකෙරුණේ වෙනිසියුලාවේ කොකෝවා නිෂ්පාදන ද සමගයි.
සිලෝන් සිනමන් ලෙසින් මෙරට කුරුදුවල ගුණාත්මකභාවය සහ ඊට ආවේණික රසය හා සුවද මෙන්ම ඖෂධීය වටිනාකම පිළිබදව විදේශිකයන් දැනුවත් කිරීම මෙහිදි සිදුකෙරුණා.
මෙරට කුරුදු සමග සිලෝන් ටී සන්නාමයෙන් ලෝකප්‍රකට ශ්‍රී ලංකාවේ තේ පිළිගන්වමින් ඒවා භාවිතය සදහා දිරිගැන්වීම ද සිදුකෙරුණා.
සිංගප්පුරුවේ ශ්‍රී ලංකා තානාපති සෙනරත් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනුයි එම කටයුතු සිදුකෙරුණා.